Sunday, December 26, 2010

Smart Phone වලට නැතිවම බැරි දේ......

කාලෙකට පස්සෙ මේක ලියන්න හිතුන. මේ දවස් වල ගෙදරට වෙලා නිකම් කාලෙ කන එකේ මේකවත් ලියන එක හොඳයි කියල හිතුන.

අද මම ලියන්නෙ අපේ ලඟම තියන් ඉන්න දෙයක් ගැන. ජංගම දුරකථනය……එහෙම කිව්වම නිකම් මොකක්ද වගේ. නිකම්ම ෆෝන් එක කියන එක ලේසියි. හැබැයි මම මේ කියන දේවල් ගොඩක් අදාල වෙන්නෙ NOKIA ෆෝන්ස් වලට තමයි. මොකද මගේ ලඟ තියන්නෙ NOKIA ෆෝන් එකක් නිසා. ෆෝන් එක කියන්නෙ මට නම් ගොඩක් වටින දෙයක්. විශේෂයෙන්ම දැන් ගොඩක් දෙනා ලඟ තියන ෆෝන් සෑහෙන්න වටින ඒවනෙ. මේ වටින ෆෝන් එක නැති වුනොත් එහෙම මොනව හිතෙයිද?? ඒ ගැන හිතන්නවත් අමාරුයි නේද?? හොඳයි, එහෙනම් ඒක නැතිවෙන්නෙ නැතුව තියාගන්නෙ කොහොමද? මට අපූරු software එකක් හම්බු උනා. මේකෙ නම “F-Secure”….මේක නොමිලේ බාගත කරගන්න පුලුවන් මෘදුකාංගයක්. මේක නොමිලේ සපයන්නෙ Anti-Theft විතරයි. ඕන නම් virus guard එක මිලදී ගන්න පුලුවන්. දැන් එන ගොඩක් ෆෝන්ස් වල GPS තාක්ෂණය එනව නෙ. ඒ මගින් තමන්ගෙ ෆෝන් එක තියන තැන හොයාගන්න මේකෙන් පුලුවන්. ඒවගේම තවත් වැඩ ගොඩක් තියනව. ඔයගොල්ලොම මේක අත්හදා බලන්නකො. ඒක මම කියනවට වැඩිය හොඳයි.

GPS ගැන කතාකරනකොට ඒ ගැන කියන්න ගොඩක් දේවල් තියනව. ඉස්සර ගොඩක් අය හිතන් හිටියෙ GPS ලංකාවෙ වැඩ කරන්නෙ නෑ කියල. ඒක වැරදි මතයක්. (GPS කියන එකේ තේරුම බලන්නකො.) NOKIA ෆෝන් වල නම් Location කියල මෘදුකාංගයක් එනව. ඒකෙන් අපිට අපි ඉන්න තැන අක්ශාංෂ , දේශාංෂ බලගන්න පුලුවන්. සමහර විට මේක පෙන්නන්න ටික වෙලාවක් යනව. ඒ වගේම මේකට කිසිම අන්තර්ජාල සම්බන්දයක් ඕන නෑ.(සමහර වෙලාවට GPS හැකියාව තීවෘ කරන්න පොඩි සම්බන්දයක් ඇතිවෙනව. නමුත් එය හැම වෙලාවෙම වෙන්නෙ නෑ.) මම කලින් කිව්ව වගේ ෆෝන් එකේ මේ අක්ශාංෂ , දේශාංෂ බලගන්න ටිකක් වෙලා යනව. හැබැයි ෆෝන් එකේ A-GPS, නැත්නම්  Assisted GPS තියනව නම් මේකට යන වෙලාව ගොඩක් අඩුයි. හැබැයි මේකට නම් අන්තර්ජාලය ඕන වෙනව. ගොඩක් NOKIA ෆෝන් වල මේක එනව. මේකෙ Settings හරියට නැත්නම් ඒත් වැඩක් නෑ. ඒක බලන්නෙ මේ විදියට. Location> GPS data>options>Positioning settings>…මෙතන Positioning methods වල Assisted GPS on කරල තියනවද කියල බලන්න. ඊට පස්සෙ Positioning server වල server use >automatic සහ address > supl.nokia.com තියනවද බලන්න. දැන් ෆෝන් එක අන්තර්ජාල සම්බන්ධය ඉල්ලයි. බලන්න කලින්ට වඩා ඉක්මනට තමන් ඉන්න තැන පෙන්නයි. NOKIA ෆෝන් වල තව එක මෘදුකාංගයක් තියනව. ඒ තමයි NOKIA maps/OVI maps. මේකෙන් සිතියමක තමන් ඉන්න තැන බලාගන්න පුලුවන්. නමුත් මේකට නම් අන්තර්ජාල සම්බන්ධය ඕන. මීට වඩා හොඳ මෘදුකාංගයක් තමයි google maps. මේකත් නොමිලේ දෙන සේවාවක්. අත්හදා බලන්න. මේව ගැන නම් ගොඩක් අය දන්නව. නමුත් අන්තර්ජාල සම්බන්ධයක් නැතුව පෙන්නන සිතියමක් තියන මෘදුකාංගයක් ගැන ඔය කවුරුවත් දන්නවද?

Garmin මෘදුකාංගය අන්තර්ජාල සම්බන්ධයක් නැතුව, සිතියමක් මත ඉන්න තැන පෙන්නන මෘදුකාංගයක්. මේක google maps වගේ ලස්සන නැති වුනාට ගොඩක් හොඳ මෘදුකාංගයක්. හොයල බලන්න. ගොඩක් වෙලාවට ලංකාවෙ සිතියමත් එක්ක මේක හොයාගන්න පුලුවන්. මේක නොමිලේ දෙන එකක් නම් නෙවෙයි. හැබැයි මේක ලංකාව නෙ. පොඩි සර්ච් පාරක් දාන්න. නැත්නම් මගෙන් ඉල්ලන්න. මම දෙන්නම්. මේකෙ comment එකක් දාන්නකෝ.

NOKIA ෆෝන් වලට හොඳ themes තියන තැනක් මට මගේ යාලුවෙක් කිව්ව(හංසක)…මෙතන තියන ඒව පොඩ්ඩක් බලන්නකෝ. මේ ගොඩක් themes වල icon පවා වෙනස් වෙනව.

මේක ගැන ගොඩක් අය දන්නෙ නෑ. මේක තමා NOKIA ෆෝන් වලට මෘදුකාංග හදන තැන සහ ඒව මූලික අත්හදා බැලීම් කරන තැන. මෙතන අලුත් අලුත් මෘදුකාංග මුලින්ම (බීට මට්ටමේ) අත්හදා බැලීම් කරනව. ඔබටත් ඒව බාගත කරගන්න පුලුවන්. තමන්ගෙ යාලුවන්ට කලින් අලුත් දෙයක් ගන්න ලැබෙනව නම් කොයි තරන් හොඳඳ?? මේක NOKIA beta labs.
අද මට ටිකක් වැදගත් දවසක්…. ඒවගේම මගේ මේ ලිපිය වැදගත් වෙයි කියල හිතනව. Comment එකක් දාන්න අමතක කරන්න එපා….සුබ දවසක්….!!!!

2 comments:

  1. අනිවා.....වැදගත් දවසක් තමා...;) එල එල...දිගටම ලියපන් හාවා හඳ දකින්න වගේ නැතුව....

    ReplyDelete
  2. ඔව්..ඒක නම් ඇත්ත...

    ReplyDelete