Friday, December 31, 2010

NFS Most Wanted, CoD වගේ ගේම්ස් online play කරමු...!!!

ඔන්න අලුත් අවුරුද්දෙ හා හා පුරා කියල බ්ලොග් එක ලියන්න පටන් ගත්ත. ඔක්කොටම කලින් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් කියල ප්‍රාර්ථනා කරනව. අලුත් අවුරුද්දෙ මම මේ කියන්න යන්නෙ අලුත් විදියට ගේම්ස් ගහන්න විදියක් ගැන. හැබැයි මම මේක අත්හදා බලල තියන්නෙ නම්  NFS Most Wanted වලට විතරයි. ඒත් මේකෙ NFS Underground, Call of Duty 2 වගේ ගේම්ස් ගහන්නත් පුලුවන්. කට්ටියම ඕන තරම් මේවගේ ගේම්ස් ගහල ඇතිනෙ?? ඒත් සමහර විට දැන් එපා වෙලත් ඇති. මොකද එකම විදියට නෙ තියන්නෙ. ඒත් කවදාවත් වෙනත් ප්ලේයර් කෙනෙක් එක්ක මේවගේ ගේම්ස් ගහල නෑ නේද?? අන්තර්ජාලය හරහා වෙන ප්ලේයර් කෙනෙක් එක්ක මේ වගේ ගේම්ස් ගහන්න තියනව නම් ඒකෙ වෙනසක් තියනව.
    

මේක හරි සරල වැඩක්. ඇත්තටම මෝස්ට් වෝන්ටඩ් වගේ ගේම්ස් ඔන්ලයින් ගහන්න නම් ඔරිජිනල් ගේම් එක තියෙන්න ඕන. ඒත් ලංකාවෙ නම් එහෙම ගේම්ස් ගහන අය මම දැකල නෑ. හැමෝම ලඟ තියන්නෙ crack කරපු ගේම්. ඒත් මේ විදියට නම් ඒ වගේ ගේම් ඔන්ලයින් ගහන්න පුලුවන්. මේකට මුලින්ම කරන්න ඕන මේ සබැඳියට ගිහින් ඒකෙ තියන සිප් ගොනුව ගිහින් බාගත කරගන්න එක. ඊට පස්සෙ ඒකෙ english කියල තියන ගොනුව ගේම් එක ස්ථාපිත කරපු තැනට කොපි කරගෙන run කරන්න(NFS Most Wanted වලට විතරයි). දැන් pLan.exe එක run කරන්න. ඒකෙ ස්ටාර්ට් උනාම Notification area එකට minimize වෙයි. ඒ icon එක right click කරල ඒකෙ internet තෝරන්න. ඊට පස්සෙ ඒක double click  කරල  එන වින්ඩෝ එකේ දෙවනි ටැබ් එකට යන්න. එතන තියන ඕන ගේම් එක double click කරන්න. දැන් ගේම් එක run වෙයි.(ගේම් එක run වෙන්නෙ නැත්තම් ඒක right click කරල remove association කරන්න. ඊට පස්සෙ run කරද්දි ගේම් එක තියන තැන තෝරන්න එයි.). දැන් කරන්න තියන්නෙ ගේම් එකේ LAN mode එකට ගිහින් කැමති සර්වර් එකක් තෝරල ගේම් එක ගහන එකයි. මම මේකෙන් NFS Most Wanted නම් ගැහුව. මේ කියල තියන්නෙ ඒ ගේම් එක ගහන හැටි. අනිත් ගේම් ගහල අත්හදා බලල මට කියන්නකො. මේක මම ගැහුවෙ 512kbps ADSL connection එකකින්. ඊට වඩා අඩු එකකින් නම් ගහන්න බැරිවෙයි.
            
                ඉන්ටර් නෙට් එකෙන්ම නැතුව යාලුවොත් එක්ක මේ වගේ ගේම් ගහන්න පුලුවන්. ඒකට කරන්න තියන්නෙ කම්පියුටර් 2ක් හෝ ඊට වැඩි ගනනක් නෙට්වර්ක් කරන එක. Wifi වලින් නම් මේක කරන්න හරි ලේසියි. මුලින්ම එක කම්පියුටර් එකකින් Ad-hoc(computer to computer) network එකක් හදාගන්න ඕන. අනිත් අය ඒ නෙට්වර්ක් එකට කනෙක්ට් වෙලා ගේම් එකට යන්න. ඊට පස්සෙ එක්කෙනෙක් ගේම් සර්වර් එකක් හදන්න. අනිත් අය ඒකට කනෙක්ට් වෙලා ගේම් එක ගහන්න පුලුවන්.
            
           මේ මම කියපු ක්‍රම දෙකම කරන්න කලින් කම්පියුටර් එකේ fire wall අයින් කරන්න ඕන. ඒ වගේම ගේම් එකේ version සමාන වෙන්නත් ඕන. මේ ගැන ප්‍රශ්ණ එහෙම තියනව නම් අහන්න. පොඩි කමෙන්ට් එකක් එහෙම දාන්න අමතක කරන්න එපා. ඔන්න එහෙනම් ආපහු හැමෝටම සුබ අලුත් අවුරුද්දක්….!!!!  
              

5 comments:

  1. Yako theme eka wenas karapiya.
    Penne na monawath. Light theme ekak dapan.

    Anyway good work. Keep it up!!! :)

    ReplyDelete
  2. ඒ කියන්නෙ LAN එකෙන් play කරන්න පුළුවන් games මේ software එකන් internet හරහා play කරන්න පුළුවන් නේද...

    ReplyDelete
  3. ඔව් නුවන්..ඒක ඇත්ත. ඒත් මේක හැම ගේම් එකකටම support කරන්නෙ නෑ. මේකෙ තියන ගේම් වලට විතරයි servers තියන්නෙ.

    ReplyDelete
  4. game ගහ ගහ ඉදපන්....වෙන වැඩ නෑනේ....
    1 game එකක් වත් ගහලා දින්නද?
    මන් ගත්ත video එක දාන්නද?
    kidding...

    ReplyDelete