Friday, September 23, 2011

බසයක පහසුවෙන් යාමට.


සැලකිය යුතුයි... මෙය වඩාත්ම සුදුසු වන්නේ සති අන්තයේ ඒ 2  මාර්ගයේ ගමන ගන්න බස් රථවලට අතරමගින් ගොඩවන මගීන් සඳහා වේ.
1.       බසයකට ගොඩ වීම.
·         මුලිකවම බසයක ගමන ගන්නේ නම් අනවශ්‍ය බඩු ආදිය රැගෙන නොයන්නේ නම් එය ඔබට හා අනෙක් මගීන් හට මහත් පහසුවක් වනු ඇත.
·         බසයකට ගොඩ වීමේදී විශේෂයෙන්ම බසයේ නාමපුවරුව බැලීම අත්‍යවශ්‍ය වේ. එය අනවශ්‍ය බස වලට අත්වැරදීමෙන් නැග චාටර් විමට සිදුවී අම්බානකට නෝන්ඩි වීමෙන් ඔබව වලකනු ඇත.
·         ඔබ වර්ණ අන්දතාවයෙන් පෙලේ නම් එය සෙමියක්/ ඒසී / නොර්මල් ද යන්න නිර්ණය කරගැනීම වඩාත් සුදුසුය. සමහර අවස්ථා වල සෙමියක නැග නොර්මල් ගාස්තුවට යාමට උත්සාහ ගෙන කොන්දා ගෙන කුණුහරුප අසා අතේ තියන තුට්ටු දෙකත් දීමට ඔබට සිදුවිය හැක.
·         බසයක් ඒමට ප්‍රථම බස් නැවතුම අවට සිටින මගීන් ගැන සැලකිලිමත් වීම ඔබේ වාසියට හේතු විය හැක. මන්දයත් අනෙක් මගීන්ට ප්‍රථම ඔබට බස්රථයට ගොඩවී ආසනයක් සොයා ගැනීමට එය උපකාරී විය හැක. උදාහරණයක්‌ ලෙස  ඔබ දුරගමන් බස්රථයකට ගොඩවන විට දුරගමන් යන මගීන් ගැන  (ගමන්මලු දරා සිටින අය) සුපරික්ෂාකාරී විය යුතුයි. අනෙක් මගීන් පහසුවෙන්ම හඳුනාගත හැක. (එළවලු මල්ලක් උස්සන් සිටින මගීන්/ පාසැල ළමුන්)
·         එසේම බසයකට ගොඩවන විට අනෙක් අයට අපහසුවක් හෝ කරදරයක් නොවී බසයට නැගීමට වගබල ගතයුතුය. අනෙකුත් මගීන් පෙරලගෙන බසයට ගොඩවීම අනුමත කල නොහැක.
බසයකට ගොඩවීමෙන් අනතුරුව බසය තුල ගමන කරන ආකාරය ඉදිරි ලිපි වලින් බලා පොරොත්තු වන්න.