Friday, September 23, 2011

බසයක පහසුවෙන් යාමට.


සැලකිය යුතුයි... මෙය වඩාත්ම සුදුසු වන්නේ සති අන්තයේ ඒ 2  මාර්ගයේ ගමන ගන්න බස් රථවලට අතරමගින් ගොඩවන මගීන් සඳහා වේ.
1.       බසයකට ගොඩ වීම.
·         මුලිකවම බසයක ගමන ගන්නේ නම් අනවශ්‍ය බඩු ආදිය රැගෙන නොයන්නේ නම් එය ඔබට හා අනෙක් මගීන් හට මහත් පහසුවක් වනු ඇත.
·         බසයකට ගොඩ වීමේදී විශේෂයෙන්ම බසයේ නාමපුවරුව බැලීම අත්‍යවශ්‍ය වේ. එය අනවශ්‍ය බස වලට අත්වැරදීමෙන් නැග චාටර් විමට සිදුවී අම්බානකට නෝන්ඩි වීමෙන් ඔබව වලකනු ඇත.
·         ඔබ වර්ණ අන්දතාවයෙන් පෙලේ නම් එය සෙමියක්/ ඒසී / නොර්මල් ද යන්න නිර්ණය කරගැනීම වඩාත් සුදුසුය. සමහර අවස්ථා වල සෙමියක නැග නොර්මල් ගාස්තුවට යාමට උත්සාහ ගෙන කොන්දා ගෙන කුණුහරුප අසා අතේ තියන තුට්ටු දෙකත් දීමට ඔබට සිදුවිය හැක.
·         බසයක් ඒමට ප්‍රථම බස් නැවතුම අවට සිටින මගීන් ගැන සැලකිලිමත් වීම ඔබේ වාසියට හේතු විය හැක. මන්දයත් අනෙක් මගීන්ට ප්‍රථම ඔබට බස්රථයට ගොඩවී ආසනයක් සොයා ගැනීමට එය උපකාරී විය හැක. උදාහරණයක්‌ ලෙස  ඔබ දුරගමන් බස්රථයකට ගොඩවන විට දුරගමන් යන මගීන් ගැන  (ගමන්මලු දරා සිටින අය) සුපරික්ෂාකාරී විය යුතුයි. අනෙක් මගීන් පහසුවෙන්ම හඳුනාගත හැක. (එළවලු මල්ලක් උස්සන් සිටින මගීන්/ පාසැල ළමුන්)
·         එසේම බසයකට ගොඩවන විට අනෙක් අයට අපහසුවක් හෝ කරදරයක් නොවී බසයට නැගීමට වගබල ගතයුතුය. අනෙකුත් මගීන් පෙරලගෙන බසයට ගොඩවීම අනුමත කල නොහැක.
බසයකට ගොඩවීමෙන් අනතුරුව බසය තුල ගමන කරන ආකාරය ඉදිරි ලිපි වලින් බලා පොරොත්තු වන්න.

Thursday, March 31, 2011

සිංහයන්ට සුබ පැතුම !!!!!


විභාගෙත් ඉවර උන නිසා පොඩි නිවාඩුවක් ලැබුණා. බ්ලොග් එකම පාලු වෙලා. අනිද්දා මැච් එක. මී වෙලාවේ අපි හැමෝම ලංකාවට සහය දෙන්න ඕන. මම නම එක මැච් එකකට ගිහින් ලංකාවට සපෝර්ට් කරලා ආව. ටිකකට කලින් ආරංචියි වාස්නුයි සුරාජ්නුයි කණ්ඩායමට කැඳවල කියල. ඒ කියන්නේ මුරලි හරි මැතිව්ස් හරි කණ්ඩායමෙන් අයින් වෙන්න ගොඩක් ඉඩ තියනවා කියන එක තමයි. මම මේක ගැන කියන්න විශේෂඥක් නෙවෙයි. කොහොම උනත් මම නම හිතන්නේ ලංකාවට කප් එක ගේන්න පුළුවන්. 96 වගේ මේ පාරත් අපි දිනනවා. එදා අර්ජුනල අරවින්දලා වෙනුවට අද සංගක්කාර, මහේලලා ඉන්නවා. සනත්ල කලුවිතාරණ ල වෙනුවට දිල්ශාන්, තරංග ඉන්නව. කවුරු මොනවා කිව්වත් අපි මේපාර දිනනවා. ශ්‍රී ලංකාවට ජයවේවා.!!!!!

Wednesday, January 26, 2011

වැදගත් වෙන වෙබ් අඩවි කිහිපයක්.....!!!


ටිකදවසකට පස්සෙ පොඩි නිවාඩුවක් හම්බු උනා. නිවාඩුවක් කිව්වට කැම්පස් නම් කොහොමත් නිවාඩුයි. සිංදුවක් කාරිය එහෙම අහගෙන ඉන්න ගමන් නිකමට වගේ මේකෙ ලියන්න හිතුන. සිං දුවක් කිව්වම මතක් උනේ. ගොඩක් අය සිංදු හොයා ගන්න ලොකු උත්සාහයක් ගන්නවනෙ. මට ඒකට හොඳ තැනක් හම්බු උනා. මේක නම් බ්ලොග් අඩවියක්. ගිහිල්ලම බලන්නකො.


ඒ වගේම ටීවී සීරීස් බාගන්න නම් නියම තැනක් තියනව. මේකත් බ්ලොග් එකක් තමයි. මේකෙ තියන කොටස් 150 mb වගේ ධාරිතාවක් තමයි තියන්නෙ. ඒ උනාට කොලිටිය නම් අඩු නෑ. මේකටත් ගිහිල්ලම බලන්නකො.


 තව එක දෙයක් තියනව. මේකෙ නම තමයි file tube. Rapid shear, hot file වගේ ෆයිල් ෂෙයාර් කරන ඒවගෙ සර්ච් කරන්න තමයි මේක තියන්නෙ. මේකෙ හොයාගන්න බැරිවෙන දෙයක් නම් මට හම්බු උනේ නෑ තාම. ලේසියෙන්ම බාගන්න යන්න හොඳම තැන මේක තමයි.


මේව ගැන බලල පොඩි කමෙන් පාරකුත් දාන්නකො. හැමෝටම සුබ දවසක්….!!!!!