Thursday, March 31, 2011

සිංහයන්ට සුබ පැතුම !!!!!


විභාගෙත් ඉවර උන නිසා පොඩි නිවාඩුවක් ලැබුණා. බ්ලොග් එකම පාලු වෙලා. අනිද්දා මැච් එක. මී වෙලාවේ අපි හැමෝම ලංකාවට සහය දෙන්න ඕන. මම නම එක මැච් එකකට ගිහින් ලංකාවට සපෝර්ට් කරලා ආව. ටිකකට කලින් ආරංචියි වාස්නුයි සුරාජ්නුයි කණ්ඩායමට කැඳවල කියල. ඒ කියන්නේ මුරලි හරි මැතිව්ස් හරි කණ්ඩායමෙන් අයින් වෙන්න ගොඩක් ඉඩ තියනවා කියන එක තමයි. මම මේක ගැන කියන්න විශේෂඥක් නෙවෙයි. කොහොම උනත් මම නම හිතන්නේ ලංකාවට කප් එක ගේන්න පුළුවන්. 96 වගේ මේ පාරත් අපි දිනනවා. එදා අර්ජුනල අරවින්දලා වෙනුවට අද සංගක්කාර, මහේලලා ඉන්නවා. සනත්ල කලුවිතාරණ ල වෙනුවට දිල්ශාන්, තරංග ඉන්නව. කවුරු මොනවා කිව්වත් අපි මේපාර දිනනවා. ශ්‍රී ලංකාවට ජයවේවා.!!!!!