Friday, November 30, 2012

TV Show බාගත කරගන්න ලේසි ක්‍රමයක්

කාලෙකට පස්සේ බ්ලොග් එක ලියන්න ගත්ත වෙන වැඩක නැති නිසා. බොරු කියන්නේ මොකටද, මම ඇත්තටම ටිකක් කම්මැලියි. මේකත් හොයා ගත්තේ මම කම්මැලි නිසාම තමයි.
වැඩි කතා නැතුව මම කෙලින්ම මාතෘකාවට බහින්නම් කෝ. අපි ගොඩක් දෙනෙක් ඉතින් TV SHOW  බලනවා නේ. හැබැයි ඉතින් සතියට එක කොටස ගානේ Download  කරන්න ගියාම එපා වෙනවා. තව දෙයක් තමයි ගොඩක් TV SHOW ගණක බලනකොට ඊළඟට එන කොටස කවද බාගන්න ඕනද කියල අමතක වෙනවා. ගොඩක් අය මේවා බාගන්නේ Torrent  වලින් නේ. හැබැයි ඉතින් Torrent File  එක හොයල එක Client  එකට දාන්න ගියාමත් එපා වෙනවා. මමත් මේකට හරි අකමැතියි. මේක එපා වෙලා ඉන්නකොට තමයි මට මේ ක්‍රමේ හම්බ වුනේ. එක තමයි RSS Feed  එකක් මේකට යොදා ගන්න එක. හැමෝම දැකල ඇති torrent  client  එකේ (හැම ක්ලයන්ට් එකකම වගේ මේක දැන් තියනවා.) තියන Feeds  කියල ඔප්ෂන් එකක්. අන්න එක මාර්ගයෙන් තමයි අපේ අවශ්‍ය කරන TV Show  ඉබේම බෑවෙන විදියට වැඩේ කරගන්න තමයි මම දැන් කියන්න යන්නේ.
මේකට ඕන කරන්නේ හොඳ ටෝරරන්ට් ක්ලයන්ට් එකක් සහ අවශ්‍ය දෘඩ තැටියේ ඉඩ විතරයි. මම කියන්නේ uTorrent Client  එක ගැන තමයි. BitTorrent, Azureus  වගේ ගොඩක් ඒවා මේකට පාවිච්චි කරන්න පුළුවන්. සරලව කිව්වොත් RSS Feed  එක් කරන්න පුළුවන් ඕනෑම එකක් මේකට අරගන්න පුළුවන්. දැන් අපි කරන්න යන්නේ මොකක්ද කියල දල අදහසක් ලැබෙන්න ඇති. හරි, වැඩේ පටන් ගමු.

මුලින්ම අපි කරන්න යන්නේ අපිට ඕන TV Show වල RSS Feed එකක් අපේ torrent client එකට දාගන්න එක. ඒකට මෙන්න මේ වෙබ් සයිට් එකට ගිහින් නොමිලේ register වෙන්න.

http://showrss.karmorra.info/

ඊට පස්සේ එකේ තියන ලිස්ට් එකෙන් තමන්ට අවශ්‍ය TV Show එක තෝරලා ඒක add කරගන්න. ඊළඟට feeds කියන ටැබ් එකට ගිහින් your feed address කියන තැන තියන ඔප්ෂන් වලින් තමන්ට කැමති quality එක සහ අවශ්‍ය රිප් එක මොකක්ද කියල තෝරාගන්න. ඊට පස්සේ generate කියන බටන් එක ඔබන්න. ඊටපස්සේ ලැබෙන වෙබ් පේජ් එකේ feed කියන ලින්ක් එක කොපි කරගන්න. දැන් ටෝරරන්ට් ක්ලයන්ට් එකට ගිහින් එකේ තියන feeds කියන තැන right click කරලා Add RSS Feed... කියන එක තෝරන්න. එන වින්ඩෝ එකේ feed url එකට කලින් කොපි කරගතපු ලින්ක් එක කොපි කරන්න. අවශ්‍ය නම් custom alias කියන තැනින් තමන්ට අවශ්‍ය නමක් දාගන්න. තව දෙයක් තමයි do not automatically download all items කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා තියනවද කියක බලන්න. නැත්නම් ඕක දපුගමන් ක්ලයන්ට් එක පිල්ලුවෙන් වගේ ඔක්කොම බාගත කරන්න ගනියි. දැන් හරියට ලින්ක් එක වලුන නම් ටෝරරන්ට් ගොඩක් ක්ලයන්ට් එකේ ලිස්ට් එකේ පෙන්නයි.

දැන් RSS Feed එක දෙන වැඩේ හරි. දැන් තියන්නේ ක්ලයන්ට් එක කන්ට්‍රෝල් කරන එක. මේකේ තමයි 90% කම වැඩකොටස තියනේ. දැන් මේක දැම්ම කියල කොහොමද අපිට ඕන එක හරියටම මේකෙන් ඉබේම තෝරලා බාගත කරන්නේ කියල ක්ලයන්ට් එකට අපි කියන්න ඕන. එක කරන්නේ අපිට අවශ්‍ය එක එක TV Show එකට වෙන වෙනම Filter එකක් ගෙන. කලින් අපි add කරපු feed එක right click කරලා ඒකෙ RSS Downloader කියන ඔප්ෂන් එක තෝරන්න.

දැන් එක වින්ඩොව් එකේ add කියන බටන් එක ඔබල අලුත් filter එකක් දාගන්න. ඊට පස්සේ filter කියන තැනට ගිහින් අවශ්‍ය TV Show එකේ නම දෙන්න. අන්තිමට (*) ලකුණක් දාන්න. තව මොනවා හරි අදාල වෙන්න ඕන කියල හිතෙනවා නම් මේ විදියට දෙන්න. උදාහරණයක් විදියට 720p quality එකක් තියන ඒවා විතරක් ඕන නම් මෙහෙම ටයිප් කරන්න "TV Show Name*720p*". Not කියන තැනටත් ඒ වගේම දෙන්න. එතකොට තමන්ට අනවශ්‍ය වචන තියන ටෝරරන්ට් බාගත වෙන්නේ නෑ. feed කියන තැන අදාල feed එක තෝරලා quality  එක තියන තැන තමන්ට අවශ්‍ය quality  එක තෝරන්න. Episode Number  එක තියන තැනට තමන්ට ඊළඟට අවශ්‍ය episode එක ඉඳල කොච්චර episode  ප්‍රමාණයක් ඕනද කියල දෙන්න. ගොඩක් TV Show වල තියන්නේ කොටස් 23ක් වගේනේ. ඒ ඊට වඩා අගයක් දෙන්න. උදාහරණයක් විදියට දැන් බලන්නේ TV Show  එකේ 1 වෙනි season  එකේ 8 වෙනි කොටස කියල හිතමු. එහෙනම් අපිට මේ  season  එක ඉවර වෙනකම් කොටස් ඕන නම්, "1x8-30"  තනි දෙන්න ඕන. අවසාන දේ තමයි Smart ep. filter  කියන එක එනේබල් කරන්න අමතක කරන්න එපා. එතකොට එකම කොටස දෙපාරක් බාගත වෙන්නේ නෑ. 

දැන් ඔක්කොම දේවල් නම් කියල ඉවරයි. තව පොඩි දෙයක් තියනවා. RSS Feed  මේ වෙනකොට ගොඩක් ටෝරරන්ට් අඩවි වල ඇතුල් කරලා තියන්නේ. 
උදාහරණයක් විදියට : 
  • http://thepiratebay.se/
  • http://kat.ph/
මේ වගේ ගොඩක් වෙබ් අඩවි තියනවා. හැබැයි RSS Feed  දෙන හැටි වෙනස්. http://kat.ph/ කියන අඩවිය තමයි ගොඩක්ම මගේ හිතට ඇල්ලුවේ. ඒකෙ විශේෂත්වය තමයි RSS Feed  එක search result  එකක් විදියට ගන්න පුළුවන් වීම. එම වෙබ් අඩවියේ තියන සර්ච් ඔප්ෂන් එකෙන් ඕනෑම දෙයක් සර්ච් කරන්න. ඊට පස්සේ ලැබෙන රිසල්ට් එකේ (පහත රුපයේ පරිධි) කොනකින් තියන rss අයතමය right click  කරලා ලැබෙන ලින්ක් එක ඉහතින් කිව්වා විදියටම ටෝරරන්ට් ක්ලයන්ට් එකට දෙන්න. එතකොට ක්ලයන්ට් එක හැම වෙලාවේම ලැබෙන මුලින් දීපු search query එක බලල අලුතින් දෙයක් තියනවා නම් අපේ ෆිල්ටර් වලට අදාල දේවල් බාගත කරගන්නවා.