Saturday, December 29, 2012

$30 ට අඩුවෙන් Android mini PC එකක්.

මේක ඇත්තටම කියනවා නම් Android 4.1 Jelly Beans වලින් ක්‍රියාත්මක වන කුඩා පරිඝනකයක් කියන්න පුළුවන්. මොකද මේකෙන් වැඩ ගොඩක් කරගන්න පුළුවන්. හැබැයි මේකට මොනිටරයක් අවශ්‍ය වෙනවා (HDMI සහිත රුපවාහිනියක්.). ගොඩක්ම මේක වැදගත් වෙන්නේ ගෙදර තියන රූපවාහිනියෙන් චිත්‍රපටි එහෙම බලන අයට තමයි. මොනවා කිව්වත් ගෙදර ලොකු රුපවාහිනියක් තියනව නම් මේක ගොඩක්ම වැදගත් වෙනවා.
LCD හෝ LED  රුපවාහිනියක් ගෙදර තියනවා නම් පරිඝනකය සම්බන්ද කරන්නේ නැතුව පරිඝනකයේ තියන Videos බලන්න, අන්තර්ජාලයට පිවිසෙන්න මේකෙන් පුළුවන්. WiFi සම්බන්ධතාවයකින් ජාල ගත වෙන්න මේකෙන් පුළුවන්. තමන්ගේ Android දුරකතනයෙන් කරන හැම දේම වගේ මේකෙනුත් කරගන්න පුළුවන්. 
ebay වලින් $30 කට අඩුවෙන් මේකේ ගෙන්වා ගන්නත් පුළුවන්. Processor යේ වේගය අනුව විවිධ වෙනස්කම් ඇති පරිඝනක කිහිපයක්ම ebay හි දක්වා තිබෙනවා. වැඩි විස්තර එහිදී බලාගන්න පුළුවන් වෙයි. පහතින් තියන්නේ මේ පිලිබඳ විස්තරයක් සහිත වීඩියෝවක්.

Tuesday, December 25, 2012

Mobile Phone එක joystick එකක් කරගමු.

Nokia S60 3rd, 5th edition හරි Android  හරි ෆෝන් එකක් තියන අයට තමයි මේක වැදගත් වෙන්නේ. තව මේකට ඕන වෙන්නේ Bluetooth device එකක් තමයි.
අපි කරන්න යන්නේ bluetooth හරහා අපේ ෆෝන් එක joystick එකක් විදියට පාවිච්චි කරන එක. හැබැයි මේකේ විශේෂත්වයක් තියනවා. ඒක තමයි අපේ ෆෝන් එකේ තියන Accelerometer භාවිතා කරලා NFS වගේ ගේම් ගහන්න පුළුවන්. තේරුනේ නැත්නම් ඔය යට තියන Video එක බලන්නකෝ.
හරි, දන තේරුණා නේ. මේක ටිකක් සංකීරණ වැඩක්. මුලින්ම අපි කරන්න ඕන PPjoy කියන සොෆ්ට්වෙයා එක ස්ථාපිත කරගන්න එක. 


මේකෙන් කරන්නේ virtual COM port එකක් පරිඝනකයට ලබා දෙන එක. මේකෙන් එකට අවශ්‍ය drivers පරිඝනකයේ ස්ථාපිත කරනවා. මේ වගේ error message එකක් ලැබෙන්න පුළුවන්. මේක සාමාන්‍ය දෙයක්. OK කරන්න. 

හැබැයි ඔබේ පරිඝනකය x64 bit පරිඝනකයක් නම් මේක ස්ථාපිත කරන එක තරමක් සංකීරණ වැඩක්. ඒක කරන හැටි මෙතනින් බලන්න.

දැන් කරන්න තියන්නේ PPJoy වැඩසටහන අපිට ඕන විදියට සකස් කරගන්න එක.
1 රූපය 

  1. මුලින්ම configure joystick shortcut එක ක්ලික් කරන්න.
  2. දැන් Add button එක ක්ලික් කරන්න. අපි දැන් virtual joystick එකක් පරිඝනකයට ස්ථාපිත කරන්න හදන්නේ.
  3. දැන් ලැබෙන මෙනුවේ "parallel port" කියන කොටස "virtual joystick" ඇත්දැයි පරික්ෂ කර බලන්න. එසේම "controller number" දෙන අංකය මතක තබා ගන්න. (10 දක්වා ඇති ඕනෑම අගයක් දිය හැකියි.)
  4. දැන් add button එක ක්ලික් කරන්න.
  5. දැන් සාදාගත් joystick එක තෝරා Mapping button එක ක්ලික් කරන්න.
  6. එම වින්ඩෝ එකෙහි අගයන් 1රූපය පරිදි සාදාගන්න.
  7. Next මත ක්ලික් කරන්න.
  8. මීළඟට ලැබෙන කොටසට පහත අගයන් ලබා දෙන්න.
    1. Axes = 2
    2. Buttons = 8
    3. POV hats = 0
  9. දැන් 3 වරක් Next ඔබන්න ඊට පසු Finish සහ Done ක්ලික් කරන්න.
  10. අවසානයට Close ක්ලික් කරන්න.
දැන් අපට අවශ්‍ය පළමු කොටස අපි ස්ථාපනය කරගත්ත.
මීළඟට මූලික මෘදුකාංගය WeeWheel ස්ථාපනය කර ගත යුතුයි.
එය ඔබේ පරිඝනකයේ ස්ථාපනය කරගන්න. 

WeeWheel වැඩසටහන සකසා ගැනීම.
2 රූපය
  1. Control Panel > Bluetooth Devices > COM Ports තුලට යන්න.
  2. දැන් එහි තිබෙන අගය මතක තබා ගන්න. 
  3. එහි කිසිවක් නොමැති නම් Add මත ක්ලික් කරන්න.
  4. දැන් OK ක්ලික් කරන්න.
  5. පරිඝනකය නව COM Port එකක් ස්ථාපනය කරගනියි. එහි අංකය (COM Port Number එක) මතක තබා ගන්න.
  6. දැන් WeeWheel  වෙත පිවිසෙන්න. (2 රූපය)
  7. එහි ඇති COM port සඳහා කලින් සොයාගත් අගයත් V-Joy port සඳහා කලින් කොටසේ මතක තබාගත් අගයත් දෙන්න. Script/config File කොටසේ ඔබ සතු දුරකථනය තෝරන්න.
  8. දැන් තෙවනියට ඇති අයතමය මත ක්ලික් කරන්න. මෙමගින් සාමාන්‍ය සැකැස්ම ක්‍රියාත්මක වෙනු ඇත.
  9. දැන් Open COM ක්ලික් කරන්න. අපට පර්ඝනකයෙන් අවශ්‍ය සියලු දේවල් දැන් ස්ථාපනය කරගෙන හමාරයි.
අපේ ජංගම දුරකථනය පැත්තෙන් කොටස ගැන දැන් බලමු. එකට අපිට Python කියන වැඩසටහන අපේ ෆෝන් එකේ ස්ථාපනය කරගන්න අවශ්‍යයි. 
මෙහි තිබෙන 3 රූපයේ ඇති .sis ගොනු 2 ෆෝන් එකේ ස්ථාපනය කරගන්න.

දැන් එම වැඩසටහන වෙත පිවිසෙන්න.
එහි Option > Bluetooth Console තෝරන්න. Pair කිරීමට අවශ්‍ය නම් එසේ කරන්න. දැන් Connection OK ලෙස පෙන්වයි.

සියල්ල හොඳින් සිදුවී ඇත්නම් පහත පරිදි WeeWheel වැඩසටහන දිස්විය යුතුයි.
 දැන් 5 වෙනි අයතමය (Accelerometer Settings) තෝරන්න. එහි ඇති Calibrate බොත්තම මත ක්ලික් කර ලැබෙන උපදෙස් අනුව ක්‍රියා කරන්න. එසේම Keyboard Settings සහ Mouse Settings අවශ්‍ය ලෙස සාදාගන්න. 

දැන් ඉතින් තියන්නේ ගේම් ගහන්න තමයි. මෙහි තියන එකම අවුල තමයි NFS වගේ ක්‍රීඩා කරද්දී ප්‍රතික්‍රිය වේගය තරමක් අඩු වීම. එත් ඉතින් පුරුදු උනොත් නම් අවුලක් නෑ.
දැනගන්න දෙයක් තියනවා නම් කමෙන්ට් එකක් දාන්න. පුළුවන් විදියට මම උදවු කරන්නම්.    

Monday, December 24, 2012

නොමිලේ Business Cards ගෙදරටම ගෙන්වා ගමු.

අද පියුම් මාම උදේම මම ඕඩර් කරපු Business Cards ටික ගෙදරටම ගෙනත් දුන්න. මේක moo කියන ආයතනයෙන් තමයි කරන්නේ. දැනට මම දන්නා විදියට නම් නොමිලේම Business Cards 50 ක් ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. මේකට අවශ්‍ය කරන්නේ facebook ගිණුමක් නැත්නම් aboutme ගිණුමක් තිබීම පමණයි.
facebook  ගිණුමකින් නම් contact info (profile>about) කියන කොටසේ තිබෙන අයතමය මගින් ගිහින් අවශ්‍ය විදියට තමගේ Business Cards සකසාගෙන ඕඩර් කරන්න. හැබැයි තැපැල් ගාස්තුව නම් ගෙවන්න වෙනවා. මේ ගාස්තුව අඩු කරගන්නත් ක්‍රමයක් තියනවා. moo ආයතනය මගින් විවිධ promotion කාලෙන් කාලෙට දෙනවා. පොඩ්ඩක් ගූගල් කරලා බැලුවොතින් පහසුවෙන්ම මේ වගේ promotion code එකක් හොයාගන්න පුළුවන්. ගොඩක්ම වාසනාවන්ත උනොත් නොමිලේම ගෙන්වගන්නත් පුළුවන් වෙයි.

පහතින් තියන්නේ මට ලැබුන Business Cards ටික.


Thursday, December 20, 2012

Call of Duty ඔන්ලයින් සෙල්ලම් කරමු. 2

කලින් කොටසේදී මම කිව්වනේ කොහොමද සාමාන්‍ය විදියට ඔන්ලයින් ප්ලේ කරන්නේ කියල.
මේ කොටසෙන් කියන්නේ ඔන්ලයින් ප්ලේ කරන්න තවත් විදියක්. ඒ තමයි GameRanger කියන මෘදුකාංගය භාවිතයෙන් කොහොමද Call of Duty  ප්ලේ කරන්නේ කියල. කලින් දීල තියන ලින්ක් එකෙන් නොමිලේම GameRanger බාගත කරගෙන පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඊට පස්සේ GameRanger මෘදුකාංගයට ගිහින් තමන්ගේ නමට ගිණුමක් හදාගන්න. ඊට පස්සේ  ලැබෙන ප්‍රධාන ලැයිස්තුවෙන් Call of Duty 4 හොයාගෙන අවශ්‍ය ගේම් එකකට සම්බන්ද වෙන්න. Join  බොත්තම ක්ලික් කරාම එන පොප් අප් වින්ඩෝ එකෙන් තමන්ගේ ගේම් එක ස්ථාපිත කරලා තියන තැන හොයල අවශ්‍ය අයතමය සම්බන්ද කරන්න. ඊට පස්සේ ටික වෙලාවකින් ගේම් එක ආරම්භ වෙයි.
GameRanger  භාවිත කරලා අපේම කියල ගේම් එකක් Host  කරන්නත් ලේසියෙන්ම පුළුවන්. නමුත් මේ වගේ ගේම් එකක් Host  කරද්දී යම් යම් අපහසුතා මතු වෙනවා. එකක් තමයි අපේ තියන Internet connection bandwidth එක අවශ්‍ය තරමට නොතිබීම. නමුත් 512 kbps  පමණ වේගයක් සහිත සම්බන්ධතාවයකින් ප්ලේයර්ස් ල 4-6 ක් එක විට සෙල්ලම් කරන්න පුළුවන්.
මේකේ තියන අනෙක් අඩුපාඩුව තමයි අපිට ඕන වෙලාවට මේ ගේම් එක වෙනස් කරන්න බැහැ. උදාහරණයක්‌ විදියට ගේම් එක මැදදී අපි ප්ලේ කරන මැප් එක වෙනස් කරන්න ඕන උනොත් ගොඩක් වෙලාවලදී එක කරද්දී සම්බන්ධතාවය නැති වෙලා යනවා එහෙම නැත්නම් අනිත් ප්ලේයර්සලා ගේම් එකෙන් අයින් වෙලා යනවා. 
අනිත් දේ තමයි සමහර ගේම් "mod" ගේම්. ඒ කියන්නේ ඒවා ගේම් එකේ විවිධ වෙනස්කම් කරලා තමයි හදල තියන්නේ. මේ වගේ ගේම් එකකට සම්බන්ධ වෙනකොට ඒ අවශ්‍ය "mod"  එක අපේ පරිඝනකයේ ස්ථාපිත වෙලා නැත්නම් ඒ වෙලාවේම එක බාගත වෙනවා. දැනට තියන ප්‍රසිද්දම "mod"  එක තමයි "promod" කියන්නේ. මේකේ තියන විශේෂත්වය තමයි අපිට ඕන තුවක්කු එහෙම තෝරාගන්න මේකෙන් ඉඩ දෙන්නේ නැති වීම. හේතුව තමයි හැමෝටම සාධාරණ විදියට මේක ප්ලේ කරන්න එතකොට පුළුවන් වීම. සමහර "Class" මේ මොඩ් එකේ නැහැ.

Call of Duty  ගැනනම් මෙහෙම කියල ඉවර කරන්න වෙන්නේ නැහැ. මම මේ ලිපි වලින් බලාපොරොත්තු වෙන්නේ මේ ගේම් එක අන්තර්ජාලයේ ප්ලේ කරන්නේ කොහොමද කියල කියල දෙන එක. ඊළඟ කොටසෙන් මම කියන්නම් GameRanger නැතුව තමන්ගේ පරිඝනකයම පාවිච්චි කරලා කොහොමද Call of Duty server  එකක් හදාගන්නේ කියල. ඒ වගේම ඒ වගේ server  එකක admin උනාම ඒවගේ server  එකක් පාලනය කරන්නේ කොහොමද වගේ දේවල්නුත් මම කියල දෙන්නම්. 

Wednesday, December 19, 2012

Call of Duty 4 ඔන්ලයින් සෙල්ලම් කරමු. 1

Call of Duty  කියන්නේ  Activision  කියන සමාගමට අයිති ලොව පුරා ඉතාමත් ජනප්‍රිය වුන පරිඝනක ක්‍රීඩාවක්. Call of Duty  යන තේමාව යටතේ දැනට ක්‍රීඩා 9 ක් පමණ Activision  සමගම නිකුත් කර තිබෙනවා.    දැනට නිකුත් කර ඇති එම ක්‍රීඩා අතුරින් 2008 දී නිකුත් කල Call of Duty 4: Modern Warfare කියන ක්‍රීඩාව මේ වන විටත් පරිඝනක ක්‍රීඩා කරන්නවුන් අතර ඉතා ජනප්‍රියයි. මෙයට මුලිකම හේතුව තමයි සාමාන්‍ය පරිඝනකයක් භාවිතයෙන් ඔන්ලයින් එහෙමත් නැත්නම් අන්තර්ජාලය හරහා අනෙක් අයත් සමග ක්‍රීඩා කරන්න පුළුවන් හොඳම ක්‍රීඩාවක් වීම. දැනට ශ්‍රි ලංකාවේ තිබෙන අන්තර්ජාල පහසුකම් වලින් මේ ක්‍රීඩාව අපහසුවක් නැතුව අන්තර්ජාලය ඔස්සේ ක්‍රීඩා කරන්න පුළුවන්. අවම අවශ්‍යතාවය වන්නේ 512 kbps ක අන්තර්ජාල පහසුකමක් පමණයි.

හොඳයි එහෙනම් වැඩේ පටන් ගමු. මේ ගේම් එක බොහෝ වෙලාවට අපි ළඟ තියන්නේ ක්‍රැක් කරපු ගේම් එකක් විදියට. මොකද ඔරිජිනල් එක ගන්න ලංකාවේ තැනක නැහැ. ඒවගේම ඒ තරම් වියදම් කරන්නත් අපිට සල්ලි නැහැ නේ. මෙන්න මේ හේතුව නිසා අපිට  Activision  සමගම මගින් ලබා දී ඇති සර්වර වලට අප සතු ගේම් එක ඇතුලත් කරගන්නේ නැහැ. හේතුව තමයි එම සර්වර් වලත ඇතුලත් වෙන්න කලින් අපේ ගේම් එකේ තියන key code  එක නිවැරදි සහ නිත්‍යානුකුල එකක්ද කියල බලනවා. කොහොම හරි ඒ වගේ අපිට මේ ගේම් එක ඔන්ලයින් ගහන්න බැහැ.

නමුත් Activision  සමාගමේ නොවන, පෞද්ගලික ආයතන හෝ පුද්ගලයින් පවත්වාගෙන යන ගේම් සර්වර් ඕන තරම් අන්තර්ජාලයේ තියනවා. උදාහරණයක්‌ විදියට sheepa.org කියන වෙබ් අඩවියෙන් පවත්වන සර්වර් එක. තව දන්නා සර්වර් තියනවා නම් පහතින් කමෙන්ට් එකක් දාල යන්න.

මේ වගේ සර්වර් එකකට කනෙක්ට් වෙන්න නම් අපි මුලින්ම ගේම් එකේ multiplayer ගේම් එකට යන්න ඕන. මේක තියන්නේ iw3mp.exe  කියල අයතමයක්. එහෙම ගේම් එකට ඇතුළු උනාට පස්සේ අපි ගේම් එකේ තියන කන්සෝල් එකට යන්න ඕන. එකට කරන්න තියන්නේ යතුරු පුවරුවේ "~" ලකුණ (Esc key එකට පහලින් )ඔබන එක තමයි. ඉන පස්සේ මෙන්න මෙහෙම type කරන්න "connect sheepa.org". ඊට පස්සේ Enter key  එක ඔබන්න. දැන් ඔබ ගේම් එකට සම්බන්ද වෙයි. එක හරිගියේ නැත්නම් "connect sheepa.org:28960" ගහල බලන්න. පොඩ්ඩක් අන්තර්ජාලයේ සෙව්වොත් ඕන තරම් ඔය වගේ සර්වර් හොයාගන්න පුළුවන්.

තව දෙයක් කියන්න තියනවා. ඒ තමයි මේ වගේ ගේම් එකක් ගහන්න යන දත්ත ප්‍රමාණය ඉතාමත් අඩුයි. ඒ නිසා data limit  පනියි කියල ඒ තරම් බය වෙන්න ඕන නැහැ. 

ඉදිරියේදී තමන්ගේම CoD 4 සර්වර් එකක් නොමිලේම හදාගෙන යාළුවොත් එක්ක ගහන විදිය කියන්නම්.    

Friday, November 30, 2012

TV Show බාගත කරගන්න ලේසි ක්‍රමයක්

කාලෙකට පස්සේ බ්ලොග් එක ලියන්න ගත්ත වෙන වැඩක නැති නිසා. බොරු කියන්නේ මොකටද, මම ඇත්තටම ටිකක් කම්මැලියි. මේකත් හොයා ගත්තේ මම කම්මැලි නිසාම තමයි.
වැඩි කතා නැතුව මම කෙලින්ම මාතෘකාවට බහින්නම් කෝ. අපි ගොඩක් දෙනෙක් ඉතින් TV SHOW  බලනවා නේ. හැබැයි ඉතින් සතියට එක කොටස ගානේ Download  කරන්න ගියාම එපා වෙනවා. තව දෙයක් තමයි ගොඩක් TV SHOW ගණක බලනකොට ඊළඟට එන කොටස කවද බාගන්න ඕනද කියල අමතක වෙනවා. ගොඩක් අය මේවා බාගන්නේ Torrent  වලින් නේ. හැබැයි ඉතින් Torrent File  එක හොයල එක Client  එකට දාන්න ගියාමත් එපා වෙනවා. මමත් මේකට හරි අකමැතියි. මේක එපා වෙලා ඉන්නකොට තමයි මට මේ ක්‍රමේ හම්බ වුනේ. එක තමයි RSS Feed  එකක් මේකට යොදා ගන්න එක. හැමෝම දැකල ඇති torrent  client  එකේ (හැම ක්ලයන්ට් එකකම වගේ මේක දැන් තියනවා.) තියන Feeds  කියල ඔප්ෂන් එකක්. අන්න එක මාර්ගයෙන් තමයි අපේ අවශ්‍ය කරන TV Show  ඉබේම බෑවෙන විදියට වැඩේ කරගන්න තමයි මම දැන් කියන්න යන්නේ.
මේකට ඕන කරන්නේ හොඳ ටෝරරන්ට් ක්ලයන්ට් එකක් සහ අවශ්‍ය දෘඩ තැටියේ ඉඩ විතරයි. මම කියන්නේ uTorrent Client  එක ගැන තමයි. BitTorrent, Azureus  වගේ ගොඩක් ඒවා මේකට පාවිච්චි කරන්න පුළුවන්. සරලව කිව්වොත් RSS Feed  එක් කරන්න පුළුවන් ඕනෑම එකක් මේකට අරගන්න පුළුවන්. දැන් අපි කරන්න යන්නේ මොකක්ද කියල දල අදහසක් ලැබෙන්න ඇති. හරි, වැඩේ පටන් ගමු.

මුලින්ම අපි කරන්න යන්නේ අපිට ඕන TV Show වල RSS Feed එකක් අපේ torrent client එකට දාගන්න එක. ඒකට මෙන්න මේ වෙබ් සයිට් එකට ගිහින් නොමිලේ register වෙන්න.

http://showrss.karmorra.info/

ඊට පස්සේ එකේ තියන ලිස්ට් එකෙන් තමන්ට අවශ්‍ය TV Show එක තෝරලා ඒක add කරගන්න. ඊළඟට feeds කියන ටැබ් එකට ගිහින් your feed address කියන තැන තියන ඔප්ෂන් වලින් තමන්ට කැමති quality එක සහ අවශ්‍ය රිප් එක මොකක්ද කියල තෝරාගන්න. ඊට පස්සේ generate කියන බටන් එක ඔබන්න. ඊටපස්සේ ලැබෙන වෙබ් පේජ් එකේ feed කියන ලින්ක් එක කොපි කරගන්න. දැන් ටෝරරන්ට් ක්ලයන්ට් එකට ගිහින් එකේ තියන feeds කියන තැන right click කරලා Add RSS Feed... කියන එක තෝරන්න. එන වින්ඩෝ එකේ feed url එකට කලින් කොපි කරගතපු ලින්ක් එක කොපි කරන්න. අවශ්‍ය නම් custom alias කියන තැනින් තමන්ට අවශ්‍ය නමක් දාගන්න. තව දෙයක් තමයි do not automatically download all items කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා තියනවද කියක බලන්න. නැත්නම් ඕක දපුගමන් ක්ලයන්ට් එක පිල්ලුවෙන් වගේ ඔක්කොම බාගත කරන්න ගනියි. දැන් හරියට ලින්ක් එක වලුන නම් ටෝරරන්ට් ගොඩක් ක්ලයන්ට් එකේ ලිස්ට් එකේ පෙන්නයි.

දැන් RSS Feed එක දෙන වැඩේ හරි. දැන් තියන්නේ ක්ලයන්ට් එක කන්ට්‍රෝල් කරන එක. මේකේ තමයි 90% කම වැඩකොටස තියනේ. දැන් මේක දැම්ම කියල කොහොමද අපිට ඕන එක හරියටම මේකෙන් ඉබේම තෝරලා බාගත කරන්නේ කියල ක්ලයන්ට් එකට අපි කියන්න ඕන. එක කරන්නේ අපිට අවශ්‍ය එක එක TV Show එකට වෙන වෙනම Filter එකක් ගෙන. කලින් අපි add කරපු feed එක right click කරලා ඒකෙ RSS Downloader කියන ඔප්ෂන් එක තෝරන්න.

දැන් එක වින්ඩොව් එකේ add කියන බටන් එක ඔබල අලුත් filter එකක් දාගන්න. ඊට පස්සේ filter කියන තැනට ගිහින් අවශ්‍ය TV Show එකේ නම දෙන්න. අන්තිමට (*) ලකුණක් දාන්න. තව මොනවා හරි අදාල වෙන්න ඕන කියල හිතෙනවා නම් මේ විදියට දෙන්න. උදාහරණයක් විදියට 720p quality එකක් තියන ඒවා විතරක් ඕන නම් මෙහෙම ටයිප් කරන්න "TV Show Name*720p*". Not කියන තැනටත් ඒ වගේම දෙන්න. එතකොට තමන්ට අනවශ්‍ය වචන තියන ටෝරරන්ට් බාගත වෙන්නේ නෑ. feed කියන තැන අදාල feed එක තෝරලා quality  එක තියන තැන තමන්ට අවශ්‍ය quality  එක තෝරන්න. Episode Number  එක තියන තැනට තමන්ට ඊළඟට අවශ්‍ය episode එක ඉඳල කොච්චර episode  ප්‍රමාණයක් ඕනද කියල දෙන්න. ගොඩක් TV Show වල තියන්නේ කොටස් 23ක් වගේනේ. ඒ ඊට වඩා අගයක් දෙන්න. උදාහරණයක් විදියට දැන් බලන්නේ TV Show  එකේ 1 වෙනි season  එකේ 8 වෙනි කොටස කියල හිතමු. එහෙනම් අපිට මේ  season  එක ඉවර වෙනකම් කොටස් ඕන නම්, "1x8-30"  තනි දෙන්න ඕන. අවසාන දේ තමයි Smart ep. filter  කියන එක එනේබල් කරන්න අමතක කරන්න එපා. එතකොට එකම කොටස දෙපාරක් බාගත වෙන්නේ නෑ. 

දැන් ඔක්කොම දේවල් නම් කියල ඉවරයි. තව පොඩි දෙයක් තියනවා. RSS Feed  මේ වෙනකොට ගොඩක් ටෝරරන්ට් අඩවි වල ඇතුල් කරලා තියන්නේ. 
උදාහරණයක් විදියට : 
  • http://thepiratebay.se/
  • http://kat.ph/
මේ වගේ ගොඩක් වෙබ් අඩවි තියනවා. හැබැයි RSS Feed  දෙන හැටි වෙනස්. http://kat.ph/ කියන අඩවිය තමයි ගොඩක්ම මගේ හිතට ඇල්ලුවේ. ඒකෙ විශේෂත්වය තමයි RSS Feed  එක search result  එකක් විදියට ගන්න පුළුවන් වීම. එම වෙබ් අඩවියේ තියන සර්ච් ඔප්ෂන් එකෙන් ඕනෑම දෙයක් සර්ච් කරන්න. ඊට පස්සේ ලැබෙන රිසල්ට් එකේ (පහත රුපයේ පරිධි) කොනකින් තියන rss අයතමය right click  කරලා ලැබෙන ලින්ක් එක ඉහතින් කිව්වා විදියටම ටෝරරන්ට් ක්ලයන්ට් එකට දෙන්න. එතකොට ක්ලයන්ට් එක හැම වෙලාවේම ලැබෙන මුලින් දීපු search query එක බලල අලුතින් දෙයක් තියනවා නම් අපේ ෆිල්ටර් වලට අදාල දේවල් බාගත කරගන්නවා.