Wednesday, December 19, 2012

Call of Duty 4 ඔන්ලයින් සෙල්ලම් කරමු. 1

Call of Duty  කියන්නේ  Activision  කියන සමාගමට අයිති ලොව පුරා ඉතාමත් ජනප්‍රිය වුන පරිඝනක ක්‍රීඩාවක්. Call of Duty  යන තේමාව යටතේ දැනට ක්‍රීඩා 9 ක් පමණ Activision  සමගම නිකුත් කර තිබෙනවා.    දැනට නිකුත් කර ඇති එම ක්‍රීඩා අතුරින් 2008 දී නිකුත් කල Call of Duty 4: Modern Warfare කියන ක්‍රීඩාව මේ වන විටත් පරිඝනක ක්‍රීඩා කරන්නවුන් අතර ඉතා ජනප්‍රියයි. මෙයට මුලිකම හේතුව තමයි සාමාන්‍ය පරිඝනකයක් භාවිතයෙන් ඔන්ලයින් එහෙමත් නැත්නම් අන්තර්ජාලය හරහා අනෙක් අයත් සමග ක්‍රීඩා කරන්න පුළුවන් හොඳම ක්‍රීඩාවක් වීම. දැනට ශ්‍රි ලංකාවේ තිබෙන අන්තර්ජාල පහසුකම් වලින් මේ ක්‍රීඩාව අපහසුවක් නැතුව අන්තර්ජාලය ඔස්සේ ක්‍රීඩා කරන්න පුළුවන්. අවම අවශ්‍යතාවය වන්නේ 512 kbps ක අන්තර්ජාල පහසුකමක් පමණයි.

හොඳයි එහෙනම් වැඩේ පටන් ගමු. මේ ගේම් එක බොහෝ වෙලාවට අපි ළඟ තියන්නේ ක්‍රැක් කරපු ගේම් එකක් විදියට. මොකද ඔරිජිනල් එක ගන්න ලංකාවේ තැනක නැහැ. ඒවගේම ඒ තරම් වියදම් කරන්නත් අපිට සල්ලි නැහැ නේ. මෙන්න මේ හේතුව නිසා අපිට  Activision  සමගම මගින් ලබා දී ඇති සර්වර වලට අප සතු ගේම් එක ඇතුලත් කරගන්නේ නැහැ. හේතුව තමයි එම සර්වර් වලත ඇතුලත් වෙන්න කලින් අපේ ගේම් එකේ තියන key code  එක නිවැරදි සහ නිත්‍යානුකුල එකක්ද කියල බලනවා. කොහොම හරි ඒ වගේ අපිට මේ ගේම් එක ඔන්ලයින් ගහන්න බැහැ.

නමුත් Activision  සමාගමේ නොවන, පෞද්ගලික ආයතන හෝ පුද්ගලයින් පවත්වාගෙන යන ගේම් සර්වර් ඕන තරම් අන්තර්ජාලයේ තියනවා. උදාහරණයක්‌ විදියට sheepa.org කියන වෙබ් අඩවියෙන් පවත්වන සර්වර් එක. තව දන්නා සර්වර් තියනවා නම් පහතින් කමෙන්ට් එකක් දාල යන්න.

මේ වගේ සර්වර් එකකට කනෙක්ට් වෙන්න නම් අපි මුලින්ම ගේම් එකේ multiplayer ගේම් එකට යන්න ඕන. මේක තියන්නේ iw3mp.exe  කියල අයතමයක්. එහෙම ගේම් එකට ඇතුළු උනාට පස්සේ අපි ගේම් එකේ තියන කන්සෝල් එකට යන්න ඕන. එකට කරන්න තියන්නේ යතුරු පුවරුවේ "~" ලකුණ (Esc key එකට පහලින් )ඔබන එක තමයි. ඉන පස්සේ මෙන්න මෙහෙම type කරන්න "connect sheepa.org". ඊට පස්සේ Enter key  එක ඔබන්න. දැන් ඔබ ගේම් එකට සම්බන්ද වෙයි. එක හරිගියේ නැත්නම් "connect sheepa.org:28960" ගහල බලන්න. පොඩ්ඩක් අන්තර්ජාලයේ සෙව්වොත් ඕන තරම් ඔය වගේ සර්වර් හොයාගන්න පුළුවන්.

තව දෙයක් කියන්න තියනවා. ඒ තමයි මේ වගේ ගේම් එකක් ගහන්න යන දත්ත ප්‍රමාණය ඉතාමත් අඩුයි. ඒ නිසා data limit  පනියි කියල ඒ තරම් බය වෙන්න ඕන නැහැ. 

ඉදිරියේදී තමන්ගේම CoD 4 සර්වර් එකක් නොමිලේම හදාගෙන යාළුවොත් එක්ක ගහන විදිය කියන්නම්.    

No comments:

Post a Comment