Friday, July 23, 2010

ෆේස්බුක් යන අයට.

මගේ පලවෙනි ලිපිය ලියන්නෙ මොනව ගැනද කියල හිතහිත ඉන්න ගමන් නිකම් මම firefox icon එක ක්ලික් කරේ කම්මැලි කමට facebook එක පැත්තෙවත් යන්න ඕන කියල හිතාගෙන. මම  වගේ කී දෙනෙක් නම් මේ විදියට facebook යනව ඇත්ද කියල හිතුන. මම facebook එකට එකතු වෙලා දැන් අවුරුදු  4 කට කිට්ටුයි.ඉතිං මම මොකටද  facebook එක ගැන මේකෙ ලියන්නෙ??. ඔය හැම කෙනෙක්ම ඒක ගැන හොඳට දන්නවනෙ.ඒත් බලන්න facebook යන්න කලින් ඔයාල කරේ මොකක්ද කියල??.firefox icon එක ක්ලික් කරල facebook පිටුවට ගිහින් තමන්ගෙ password එක ගහල log උනා නේද?? කවදාවත් හිතුවද ඔය ටිකට ඔයගොල්ලන්ගෙ මුරපදය හොරකම් කරන්න පුලුවන් අය ඉන්නව කියල??                                        

   firefox කියන්නෙ අද වැඩිම දෙනෙක් පාවිච්චි කරන web browser එක.දන්නවද ඒක එහෙම වෙන්න හේතුව??.firefox කියන්නෙ open source මෘදුකාංගයක් වීම. ගොඩක් අය මේකෙ තේරුම හරියට දන්නෙ නෑ. open source මෘදුකාංග ඕනෑම කෙනෙකුට වෙනස් කරන්න පුලුවන්. උදාහරණයක් විදියට මම java භාෂාව දන්නව නම් firefox වල එක එක වෙනස්කම් කරන්න ඒතරම් අමාරු නෑ. හරි ඒ කියන්නෙ මේක මේ තරම් ජනප්‍රිය වෙන්න හේතුව තමයි firefox හසුරවන්නා සමඟ මිත්‍ර ශීලී වීම. ඔයගොල්ලො ඔය add-ons කියල පාවිච්චි කරන්නෙ ලෝකය පුරාම ඉන්න විවිධ අයගෙ firefox වලට කරපු වෙනස්කම් වල එක පැත්තක්. Internet Explorer වල ඒතරම් පහසුකම් නෑ. ඔයාල අහයි කෝ කොහොමද අපි මේක වෙනස් කරන්නෙ කියල??. හොඳයි, ඔයාල බලන්න නිකම් firefox install කරල තියන තැනට ගිහින් .js ගොනු  notepad එකෙන් open කරල බලන්න. ඔයාලට ලේසියෙන්න ඒව edit කරන්න පුලුවන්.(ඕව වෙනස්කරන්න නොයනව නම් වඩා හොඳයි.)open source??.

එහෙනම් කාටවත් අපේ  password දැන ගන්න විදියට මේක වෙනස් කරන්න බැරිද??. අන්න එතන තමයි අවුල තියන්නෙ.ඔව්, ඕන කෙනෙකුට ඒක කරන්න පුලුවන්. ගොඩක් වෙලාවට ඔයගොල්ලො දැකල ඇති ඔයාල මොකක් හරි වෙබ් පිටුවකට යන්න ඔයාලගෙ මුරපදය දෙනකොට ඒක save කරගන්නද කියල අහනව?? හරි, එහෙම save කරාම ඊලඟ පාර ඒ මුරපදය අපි දෙන්න ඕන නෑ නේද?? ඔයාල දන්නවද ඒ  password එක ඕනම කෙනෙකුට බලන්න පුලුවන් කියල??. හොඳයි, ඔයාලගෙ  firefox වල tools->options වලට යන්න.ඉට පස්සෙ ඒකෙ තියන security tab  එක ක්ලික් කරන්න. ඒකෙ ඇති saved password කියල button එකක්. ඔයාල master password එකක් දීල නැත්නම් ඕන කෙනෙකුට ලේසියෙන්ම save කල password බලන්න බැරිකමක් නෑ.

මෙහෙම කරන්න පුලුවන්  password save කලොත් විතරයි නෙ??. මතක නැද්ද මම කිව්ව firefox කියන්නෙ open source මෘදුකාංගයක් කියල?? ඒ කියන්නෙ අපිට මේක ඉබේම password save වෙන්න හදන්න පුලුවන් කියල හිතෙන්නෙ නැද්ද?? ඒක ඒතරම් අමාරු නෑ. ඒක කරන හැටි මම කියන්නෙ නෑ. මොකද මම දන්නව ගොඩක් අය බලන් ඉන්නෙ තව කෙනෙකුගෙ account එකක්  hack කරගන්නෙ කොහොමද කියල දැනගන්න. ඒ වගේ පහත් දෙයක් කරල ලබන සතුට මොකක්ද කියල නම් මම දන්නෙ නෑ.ඉතිං මතක තියාගන්න firefox කොයි තරම් හොඳ වුනත් ඒකෙ ආරක්ෂාව නම් අඩු බව. ඒ වගේම හැම දේකම හොඳ නරක දෙපැත්තම තියනව නෙ. අහ්, තව පොඩ්ඩෙන් අමතක වෙනව. facebook යනකොට තමන්ගෙ account එකේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. keyloggers වගේ මෘදුකාංග වලින් ඈත් වෙලා ඉන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.
අදට මේ ඇති....මට කරන්න ගොඩක් වැඩත් තියනව. විභගෙ අත ලඟ...!!

1 comment: