Saturday, December 29, 2012

$30 ට අඩුවෙන් Android mini PC එකක්.

මේක ඇත්තටම කියනවා නම් Android 4.1 Jelly Beans වලින් ක්‍රියාත්මක වන කුඩා පරිඝනකයක් කියන්න පුළුවන්. මොකද මේකෙන් වැඩ ගොඩක් කරගන්න පුළුවන්. හැබැයි මේකට මොනිටරයක් අවශ්‍ය වෙනවා (HDMI සහිත රුපවාහිනියක්.). ගොඩක්ම මේක වැදගත් වෙන්නේ ගෙදර තියන රූපවාහිනියෙන් චිත්‍රපටි එහෙම බලන අයට තමයි. මොනවා කිව්වත් ගෙදර ලොකු රුපවාහිනියක් තියනව නම් මේක ගොඩක්ම වැදගත් වෙනවා.
LCD හෝ LED  රුපවාහිනියක් ගෙදර තියනවා නම් පරිඝනකය සම්බන්ද කරන්නේ නැතුව පරිඝනකයේ තියන Videos බලන්න, අන්තර්ජාලයට පිවිසෙන්න මේකෙන් පුළුවන්. WiFi සම්බන්ධතාවයකින් ජාල ගත වෙන්න මේකෙන් පුළුවන්. තමන්ගේ Android දුරකතනයෙන් කරන හැම දේම වගේ මේකෙනුත් කරගන්න පුළුවන්. 
ebay වලින් $30 කට අඩුවෙන් මේකේ ගෙන්වා ගන්නත් පුළුවන්. Processor යේ වේගය අනුව විවිධ වෙනස්කම් ඇති පරිඝනක කිහිපයක්ම ebay හි දක්වා තිබෙනවා. වැඩි විස්තර එහිදී බලාගන්න පුළුවන් වෙයි. පහතින් තියන්නේ මේ පිලිබඳ විස්තරයක් සහිත වීඩියෝවක්.

Tuesday, December 25, 2012

Mobile Phone එක joystick එකක් කරගමු.

Nokia S60 3rd, 5th edition හරි Android  හරි ෆෝන් එකක් තියන අයට තමයි මේක වැදගත් වෙන්නේ. තව මේකට ඕන වෙන්නේ Bluetooth device එකක් තමයි.
අපි කරන්න යන්නේ bluetooth හරහා අපේ ෆෝන් එක joystick එකක් විදියට පාවිච්චි කරන එක. හැබැයි මේකේ විශේෂත්වයක් තියනවා. ඒක තමයි අපේ ෆෝන් එකේ තියන Accelerometer භාවිතා කරලා NFS වගේ ගේම් ගහන්න පුළුවන්. තේරුනේ නැත්නම් ඔය යට තියන Video එක බලන්නකෝ.
හරි, දන තේරුණා නේ. මේක ටිකක් සංකීරණ වැඩක්. මුලින්ම අපි කරන්න ඕන PPjoy කියන සොෆ්ට්වෙයා එක ස්ථාපිත කරගන්න එක. 


මේකෙන් කරන්නේ virtual COM port එකක් පරිඝනකයට ලබා දෙන එක. මේකෙන් එකට අවශ්‍ය drivers පරිඝනකයේ ස්ථාපිත කරනවා. මේ වගේ error message එකක් ලැබෙන්න පුළුවන්. මේක සාමාන්‍ය දෙයක්. OK කරන්න. 

හැබැයි ඔබේ පරිඝනකය x64 bit පරිඝනකයක් නම් මේක ස්ථාපිත කරන එක තරමක් සංකීරණ වැඩක්. ඒක කරන හැටි මෙතනින් බලන්න.

දැන් කරන්න තියන්නේ PPJoy වැඩසටහන අපිට ඕන විදියට සකස් කරගන්න එක.
1 රූපය 

  1. මුලින්ම configure joystick shortcut එක ක්ලික් කරන්න.
  2. දැන් Add button එක ක්ලික් කරන්න. අපි දැන් virtual joystick එකක් පරිඝනකයට ස්ථාපිත කරන්න හදන්නේ.
  3. දැන් ලැබෙන මෙනුවේ "parallel port" කියන කොටස "virtual joystick" ඇත්දැයි පරික්ෂ කර බලන්න. එසේම "controller number" දෙන අංකය මතක තබා ගන්න. (10 දක්වා ඇති ඕනෑම අගයක් දිය හැකියි.)
  4. දැන් add button එක ක්ලික් කරන්න.
  5. දැන් සාදාගත් joystick එක තෝරා Mapping button එක ක්ලික් කරන්න.
  6. එම වින්ඩෝ එකෙහි අගයන් 1රූපය පරිදි සාදාගන්න.
  7. Next මත ක්ලික් කරන්න.
  8. මීළඟට ලැබෙන කොටසට පහත අගයන් ලබා දෙන්න.
    1. Axes = 2
    2. Buttons = 8
    3. POV hats = 0
  9. දැන් 3 වරක් Next ඔබන්න ඊට පසු Finish සහ Done ක්ලික් කරන්න.
  10. අවසානයට Close ක්ලික් කරන්න.
දැන් අපට අවශ්‍ය පළමු කොටස අපි ස්ථාපනය කරගත්ත.
මීළඟට මූලික මෘදුකාංගය WeeWheel ස්ථාපනය කර ගත යුතුයි.
එය ඔබේ පරිඝනකයේ ස්ථාපනය කරගන්න. 

WeeWheel වැඩසටහන සකසා ගැනීම.
2 රූපය
  1. Control Panel > Bluetooth Devices > COM Ports තුලට යන්න.
  2. දැන් එහි තිබෙන අගය මතක තබා ගන්න. 
  3. එහි කිසිවක් නොමැති නම් Add මත ක්ලික් කරන්න.
  4. දැන් OK ක්ලික් කරන්න.
  5. පරිඝනකය නව COM Port එකක් ස්ථාපනය කරගනියි. එහි අංකය (COM Port Number එක) මතක තබා ගන්න.
  6. දැන් WeeWheel  වෙත පිවිසෙන්න. (2 රූපය)
  7. එහි ඇති COM port සඳහා කලින් සොයාගත් අගයත් V-Joy port සඳහා කලින් කොටසේ මතක තබාගත් අගයත් දෙන්න. Script/config File කොටසේ ඔබ සතු දුරකථනය තෝරන්න.
  8. දැන් තෙවනියට ඇති අයතමය මත ක්ලික් කරන්න. මෙමගින් සාමාන්‍ය සැකැස්ම ක්‍රියාත්මක වෙනු ඇත.
  9. දැන් Open COM ක්ලික් කරන්න. අපට පර්ඝනකයෙන් අවශ්‍ය සියලු දේවල් දැන් ස්ථාපනය කරගෙන හමාරයි.
අපේ ජංගම දුරකථනය පැත්තෙන් කොටස ගැන දැන් බලමු. එකට අපිට Python කියන වැඩසටහන අපේ ෆෝන් එකේ ස්ථාපනය කරගන්න අවශ්‍යයි. 
මෙහි තිබෙන 3 රූපයේ ඇති .sis ගොනු 2 ෆෝන් එකේ ස්ථාපනය කරගන්න.

දැන් එම වැඩසටහන වෙත පිවිසෙන්න.
එහි Option > Bluetooth Console තෝරන්න. Pair කිරීමට අවශ්‍ය නම් එසේ කරන්න. දැන් Connection OK ලෙස පෙන්වයි.

සියල්ල හොඳින් සිදුවී ඇත්නම් පහත පරිදි WeeWheel වැඩසටහන දිස්විය යුතුයි.
 දැන් 5 වෙනි අයතමය (Accelerometer Settings) තෝරන්න. එහි ඇති Calibrate බොත්තම මත ක්ලික් කර ලැබෙන උපදෙස් අනුව ක්‍රියා කරන්න. එසේම Keyboard Settings සහ Mouse Settings අවශ්‍ය ලෙස සාදාගන්න. 

දැන් ඉතින් තියන්නේ ගේම් ගහන්න තමයි. මෙහි තියන එකම අවුල තමයි NFS වගේ ක්‍රීඩා කරද්දී ප්‍රතික්‍රිය වේගය තරමක් අඩු වීම. එත් ඉතින් පුරුදු උනොත් නම් අවුලක් නෑ.
දැනගන්න දෙයක් තියනවා නම් කමෙන්ට් එකක් දාන්න. පුළුවන් විදියට මම උදවු කරන්නම්.